කොළොන්නාව ප්‍රධාන මාර්ග 20ක් සංවර්ධනයට දස ලක්ෂ 234ක්

කොළොන්නාව ප්‍රධාන මාර්ග 20ක් සංවර්ධනයට දස ලක්ෂ 234ක්

 අතුරු මාර්ග ද රැසක් ඉදිවේ
 වසර අවසානයේ වැඩ නිමයි

කොළොන්නාව ඡන්ද බල කොට්ඨාසයට අයත් ප්‍රධාන මාර්ග විස්සක් ඉදිකිරීම හා සංවර්ධනය කිරීම සඳහා 2014 වසරට රුපියල් මිලියන 234.65ක මුදලක් රජය මගින් ලබා දී ඇති බව කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් . දුමින්ද සිල්වා මහතා කියයි.

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය කොළඹ විධායක ඉංජිනේරු කොට්ඨාසය මේ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු භාරව ක්‍රියා කරනු ලබන අතර, සියලු කර්මාන්තයන් මේ වසර අවසන් වීමට පෙර සිදුකෙරෙන බවද මන්ත්‍රීවරය‍ා‍ කීය.

මේ අනුව සැලසුම්ගතව තිබෙන විශේෂ මාර්ග කීපයක් පිළිබඳ ලේඛනයන් හා ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණයන් මෙසේ දැක්වේ. හීනටිකුඹුර - මුල්ලේරියාව මෙය වැලිවිට මාලඹේ සිට කොස්වත්ත හන්දිය දක්වා දිවෙන මාර්ගයට රුපියල් මිලියන 16කි, ගල්ව, න - මුල්ලේරියාව - වල්පොළ මාර්ගයට, රුපියල් මිලියන 13කි. අංගොඩ වල්පොළ හරහා අග්ගෝන මාර්ගයට ර‍ැපියල් මිලියන 23යි.

කොටුවිල වෙලේවත්ත - කිත්තම්පහුව මාර්ගය කොළඹ අවිස්සාවේල්ල (A) මාර්ගය හරහා ඔරුගොඩවත්ත (බී) මාර්ගය සම්බන්ධ වෙන මාර්ගයට රුපියල් මිලියන 21ක් ද තලාහේන - තලංගම - මුල්ලේරියාව මාර්ගයට රුපියල් මිලියන 27ක් ද කොටිකාවත්ත - අංගොඩ බී සහ සී පංතියේ මාර්ග සම්බන්ධ වෙන මාර්ගයට රුපියල් මිලියන 14.20 ක් ද වේ.

වැල්ලම්පිටිය - මෙගොඩ කොළොන්නාව මාර්ගයට රුපියල් මිලියන 14ක් ද කොළෙන්නාව යක්බැද්ද හා කොටුවිල සම්බන්ධවෙන මාර්ගයට රුපියල් මිලියන16.50කි. ගොතටුව දොඩම්ගහහේන මාර්ගය නව නිවාස යෝජනා ක්‍රමයක් හරහා දිවෙන මාර්ගයට රුපියල් මිලියන 11කි.

කොළොන්නාව විජය පාර, ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 13කි.

මීට අමතරව කොළොන්නාව නගරය මගහැර ගොතටුව රාජගිරිය යාකෙරෙන මාර්ගය, වෙන්නවත්ත - බ්‍රැන්ඩියාවත්ත මාර්ගය, ගල්වාන පහළ මට්ටමේ මාර්ගය, කැළණිමුල්ල අංගොඩ මාර්ගය, කොළොන්නාව පැරකුම්බා පාර, මුල්ලේරියාව සල්මල් උයන හා වැලිවිට යා කරන මාර්ගය කොටිකාවත්ත නාගහවෙල මාර්ගය,ලෝලෙවෙල් හා වැලිවිට කොටිකාවත්ත යා කෙරෙන මාර්ගය මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 25.95කි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා