කළුතර ප්‍රා. සභා බලප්‍රදේශයේ ඉදිරි සංවර්ධන සැලැසුම් පිළිබඳ වැඩමුළුවක්

කළුතර ප්‍රා. සභා බලප්‍රදේශයේ ඉදිරි සංවර්ධන සැලැසුම් පිළිබඳ වැඩමුළුවක්

දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් හා එක්ව 2014 වර්ෂයේදී කළුතර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඉටුකළ යුතු සංවර්ධන කාර්යයන් පිළිබඳව ඉදිරි සැලැසුම් සකස් කෙ‍රේ.

කළුතර ප්‍රාදේශීය සභා සභාපති දේශකීර්ති ලක්ෂ්මන් විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නාගොඩ කලාපයට අයත් ග්‍රාම නිලධාරි වසම් 17 ක ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සංවිධාන නිලධාරීන්, කලාප නායකයින් සහභාගි වූ වැඩමුළුවක් පලාතොට ලේක් වීව් හිදී පැවැත්විණි.

මෙහිදී විශේෂ අවධානයට ලක්වූයේ ජාතික සවිය, ගම නැඟුම, පළාත් නැඟුම හා ප්‍රාදේශීය සභා අරමුදල් භාවිතා කරමින් මෙම 2014 වර්ෂයේදී ඉහත වසම් 17 තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර්ධන කාර්යයන් පිළිබඳවයි.

මෙම අවස්ථාවට මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් දේවප්‍රිය, කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලීන් විරාජ් මහත්වරු ඇතුළු ආරාධිතයෝ ද සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා