කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණුවට සමුපකාර විදුහලක් බස්නාහිරට‍

කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණුවට සමුපකාර විදුහලක් බස්නාහිරට‍

බස්නාහිර පළාතට විශේෂිත වූ සමුපකාර විදුහලක් ස්ථාපිත කර පළාතේ සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල කාරක සභා කාර්ය මණ්ඩල නිලධාරීන් හා දෙපාර්තමේන්තු නිලධාරීන් පුහුණු කෙරේ.

මේ අතර පළාත තුළ මෙගා කෝප්සිටි වෙළෙඳහල් වර්ධනය කිරීමට ද පියවර ගැනේ. මේ යටතේ අගලවත්ත විවිධ සේවා සමුපකාර සමිති බලප්‍රදේශයේ ආරම්භ කෙරෙන මෙගා කෝප් සිටි වෙළෙඳසල සඳහා සමුපකාර අරමුදල මඟින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පහසුකම් ලබා දී ඇත. 2013 වර්ෂය වෙනුවෙන් මිනි කෝප්සිටි සහ‍ කෝප් සිටි ජාලයට පත්කෙරෙන ප්‍රමාණය 14කි. මේ අනුව පළාත තුළ මේ දක්වා ආරම්භ කර ඇති මිනිකෝප් හා කෝප්සිටි වෙළෙඳසැල් 354ක් බව එම දෙපාර්තමේන්තුව කියයි.

2013 වර්ෂය සඳහා රාජ්‍ය අරමුදල් ලෙස පළාත් අරමුදල් සමුපකාර දෙපාර්තමේන්තු අරමුදල් මඟින් සමුපකාර ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ වන විට ආයෝජනය කර ඇති වටිනාකම රුපියල් මිලියන 436කි.

බස්නාහිර පළාත් ක්‍රියාකාරී සමිති 1473 පිහිටුවා ඇති අතර ඉන් 38ක් විවිධසේවා සමුපකාර සමිති වේ.

ඒවටා සිටින පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50කට ආසන්න වෙයි. නිල සාමාජිකත්වය ලබා ඇති පිරිස ලක්ෂ 12 ඉක්මවා ඇත. සේවක සංඛ්‍යාව 7000 ඉක්ම වෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා