තලාව හන්දියේ ‘භාග්‍යා’ නමින් හොර ඩිස්පෙන්සරියක්

තලාව හන්දියේ ‘භාග්‍යා’ නමින් හොර ඩිස්පෙන්සරියක්

සීල් තබන්න යද්දී අයිතිකාරිය යකා නටයි

වෛද්‍ය මධ්‍යස්ථානය හිමිකාරිය අත්අඩංගුවටගත් අවස්ථාව

අනුරාධපුර තලාව රෝහල ආසන්නයේ තලාව පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති කඩ කාමර පෙළක නිත්‍යානුකුල නොවන අයුරින් බපලත්‍ර රහිතව පවත්වා ගිය භාග්‍යා හොස්පිට්ල් නමැති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වටලා සීල් තබා ඇත .

තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණය හා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ‍‍ඖෂධ පාලක ආනන්ද පොහොරගොඩ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ මෙහෙය විමෙන් මේ වැටලීම සිදුකළ අතර , මෙහි හිමිකාරිය වන

කොඩිතුවක්කුකාර ගෙදර නිමේෂා දමයන්ති විජේසුරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යන ලදි.

වැටලිම් කළ අවස්ථාවේ මේ තැනැත්තිය ඉතාමත් කලහාකාරී අයුරින් හැසිරීම හේතු වෙන් තලාව පොලිසියේ සහායද ලබා ගැනීමට සිදු විය. වෛද්‍ය වෘත්තිය සඳහා කිසිම සුදුසුකමක් සපුරා නැතියි පවසන මේ තැනැත්තියට එරෙහිව මීට පෙරද වෙනත් වැරැදි සඳහා පොලිසියේ පැමිණිලි 13ක් ගොනුනොට ඇතියි තලාව පොලසිය සඳහන් කළේය.

ඡයාරුපය-@ ජයගඟ සමූහ

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා