ලෝක ශූර කොදෙව්වෝ  නවක අයර්ලන්තයට පරදිති

ලෝක ශූර කොදෙව්වෝ  නවක අයර්ලන්තයට පරදිති

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ලාබාලතම කණ්ඩායමක් වන අයර්ලන්තය විස්සයි20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දියා කොදෙව් පිල පරදවා කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය. ජැමෙයිකාවේ සබීනා පාක් හි දෙපිල අතර පැවැති පළමු විස්සයි20 තරගයේ දී අයර්ලන්තය මේ දස්කම දැක්වීය.

ටෙස්ට් තත්ත්වය නොලැබූ අයර්ලන්තය හමුවේ විස්සයි20 ලෝක ශූරයන් පරාජයට පත්වීම ජාත්‍යන්තර ක්‍රිකට් විශාරදයන්ගේ විමතියට කරුණක් විය. පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 116ක් රැස් කළ අතර අයර්ලන්තය ඉනිම නිමාවීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් දැවී යාමෙන් අනතුරුව තරගය ජයගත්තේය. මේ අනුව තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස අයර්ලන්තය ඉදිරියෙන් සිටියි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා