සෑම්-ජෙම්ස් එංගලන්ත ‘ඒ’ ඉදිරියට ගෙනෙති

සෑම්-ජෙම්ස් එංගලන්ත ‘ඒ’ ඉදිරියට ගෙනෙති

සෑම් රොබ්සන් හා ජෙම්ස් ටේලර් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 197ක විශිෂ්ට සබඳතාවක හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම කඩුලු 4කට ලකුණු 291ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 289ක් රැස්කළ අතර එංගලන්තය කඩුලු 6ක් ඇතැතිව ලකුණු 2ක් ඉදිරියෙන් පසුවේ.

ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරනවිට ජෙම්ස් ටේලර් ලකුණු 99 ක් හා ජෝනි බ්‍රොත්වික් ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ඊයේ පළමු ඉනිම ඇරැඹු එංගලන්ත පිලේ මුල් කඩුල්ල ලකුණු 15දී බිඳ වැටිණි. ලකුණු 86දී එම සබඳතාවද නිමාවට පත්විය. තෙවැනි කඩුල්ලට සෑම් රොබ්සන් හා ජෙම්ස් ටේලර් එක්ව ලකුණු 197ක සබඳතාවක් ගොඩනැගිණි. රොබ්සන් ලකුණු 142කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර ඊයේ දිනය නිමාවනවිට ටේලර් ලකුණු 99ක් රැස්කරගනිමින් නොදැවී සිටියේය. තරිදු කෞෂාල් හා ළහිරු ගමගේ කඩුලු 2 බැගින් දවාගත්හ.

කඩුලු 9කට ලකුණු 281ක්ව තිබියදී ඊයේ ‍දිනය ඇරැඹු ශ්‍රී ලංකා පිලට තවත් ලබාගත හැකිවුයේ ලකුණු 8ක් පමණි. ලකුණු 8ක් ලබාසිටි ළහිරු ගමගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 289කට සීමාවිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා