යුද්ධය දිනූ විරුවන්ට ගෞරව පිදීම ජිනීවා කොමිසමට ඉවසුම් නොදෙන්නක්

යුද්ධය දිනූ විරුවන්ට ගෞරව පිදීම
ජිනීවා කොමිසමට ඉවසුම් නොදෙන්නක්

* යුදබිමේ සිටි සෙබළාත්-ජනතාවත් එක ලෙස මානසික සහනයට පත් කළා
* සොල්දාදුවා අවලංගු කාසියක් කිරීම අපේ පිළිවෙත නොවේ
‍* රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හැකි හැම පියවරක්ම ගත්තා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

යුද්ධය දිනාදුන් මෙරට රණවිරුවන්ට ජාතියේ ඉහළම ගෞරවය හිමිකර දීම ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉවසුම් නොදෙන කරුණක් බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

වසර 30ක් තිස්සේ මෙරට වෙළාගෙන උන් කුරිරු යුද්ධය හමාර කළ සෙබළුන්ට කළගුණ දත් ජාතියක් ලෙස ගෞරව කරන විට බටහිරට එය ඉවසුම් නොදෙන බවත් බටහිරට පුරුදු ආකාරයෙන් යුද්ධය අවසානයේදී හමුදා කඳවුරු ඉවත් කරගෙන සොල්දාදුවා අවලංගු කාසියක් බවට පත් කරන පිළිවෙතක් අප අනුගමනය නොකරන නිසා ජිනීවාවලින් අපට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරන බවත් පෙරේදා රාත්‍රී කොළඹ ගලදාරි හෝටලයේ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියක් ලෙස දක්වන උතුම් පිළිගැනීමක් මෙරට ජනතාව තුළ ඇතිවී ඇති බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජයක් හැටියට ගතයුතු ඉහළම සුබ සාධනයන් ඉටුකරන බවත් මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව මෙන්ම යුද බිමේ හුන් සෙබළාගේද මානසික තත්ත්වයද තමා හොඳින් දන්නා බවද පැවසූ ආරක්ෂක ලේකම්වරයා 'රණවිරු රියල් ස්ටාර්' වැනි ජනතා ආකර්ෂණය දිනාගත් වැඩසටහන් තුළින් යුදබිමේ සිටි සෙබළාත් ඉන් පීඩනයට පත් ජනතාවත් එක ලෙස මානසික සහනයට පත් කරන බවද ප්‍රකාශ කළේය.

‍රණවිරු රියල් ස්ටාර් 4 වන අදියර පිළිබඳව පැවැති මෙම මාධ්‍ය හමුවට ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීහු ද එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා