පිල්ලේගේ යෝජනා රජය ප්‍රතික්ෂේප කරයි

පිල්ලේගේ යෝජනා රජය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය කරන යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි.

මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පවතින චෝදනා තවදුරටත් විමර්ශනය සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ යෝජනාකර තිබෙන අතර එවැන්නක් ප්‍රතික්ෂේප කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි පිහිටි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පැවති මානූෂීය මෙහෙයුම් අවසාන කාලයේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිද්ධීන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වු යෝජනා කෙටුම්පතේ අවසාන වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය පෙන්වා දෙන්නේ එම යෝජනාව මඟින් ස්වෛරී රටක අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමක් සිදුවන බවයි.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ අදාළ යෝජනාව දේශපාලනීකරණය වු යෝජනාවක් වන අතර එය පූර්ව තීරණ්‍යක් අනුව දේශපාලණීකරණය වූ අගතිගාමී න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නක් බවද මෙය ඇයගේම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමක් බවද ශ්‍රී ලංකා රජය පෙන්වා දෙයි.

පසුගිය 2009 වසරේ මැයි මස 26 දායින් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බව පෙන්වා දෙන ජිනීවාහි පිහිටි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සිදුකළ යුතු බවට පවසන ජාත්‍යන්තර පරීක්ෂණයට අදාළ සැබෑ කරුණ කුමක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවද රජය කියාසිටී.

ප්‍රතිසංධාන ක්‍රියාවලිය අඛණ්ඩවම කරගෙන යන බව පවසන ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සලය දැනුවත් කරන බවද නවනීදන් පිල්ලේගේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා