දැයට කිරුළෙන් කාන්තාවන් 1710කට ලක්ෂ 342ක ස්වයං රැකියා ආධාර

දැයට කිරුළෙන් කාන්තාවන් 1710කට ලක්ෂ 342ක ස්වයං රැකියා ආධාර

දැයට කිරුළ වැඩසටහනට සමඟාමීව පුත්තලම, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් 1710 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 342 ක් වටිනාකමින් යුතු ස්වයං රැකියා ආධාර බෙදා දීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57ක් නියෝජනය වන පරිදි අඩු ආදායම් ලාභී පවුල්, දරුවන් වැඩි ගණනක් සිටින, වෙනත් ස්ථිර ආදායමක් නොමැති, රණවිරු නොවන, වයස අවුරුදු 50ට අඩු, ස්වයං රැකියාවල නිරත හා නිරතවීමට කැමැත්තක් දක්වන පිරිස් මේ වැඩසටහන සඳහා තොරගත් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු තිස්ස කරල්ලියැද්ද මහතා පැවැසීය.

එක් අයකුට අවම වශයෙන් රුපියල් විසි දාහසක මුදලක් මේ යටතේ ලබාදෙන බවත් කෘෂි උපකරණ , සත්ව පාලන උපකරණ, තේ පැළ, ජංගම වෙළෙඳ කුටි වැනි ස්වයං රැකියා උපකරණ මේ මඟින් ලබාගැනීමට හැකි බවත් හෙතෙම කීවේය.

අඩු ආදායම් ඇති ඇතැම් පවුල්වල කාන්තාවන් විදේශ රැකියා යාම සඳහා පෙළඹීම වැලැක්වීම මෙහි අරමුණ බව පැවැසු ඒ මහතා මෙවැනි වැඩසටහන් දියත් කිරීම මඟින් එයින් ඇති වන පවුල් ප්‍රශ්න අවම කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව කියා සිටියේය. ශ්‍රී ලංකා කාන්තා කාරයාංශයේ වනිතා සංවර්ධන නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පසු විපරම් සිදුකරන බව කරල්ලියැද්ද මහතා ප්‍රකාශ කෙළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා