රටවිරු පවුල් 500ට දැයට කිරුළෙන් නිවාස

රටවිරු පවුල් 500ට දැයට කිරුළෙන් නිවාස

දැයට කිරුළ 2014 සංවර්ධන ප්‍රදර්ශනයට සමඟාමීව කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කයන්හි රටවිරු පවුල් 500 ට වැඩි ප්‍රමාණයකට නිවාස ඉදිකර ගැනීම සඳහා කාර්යාංශය මඟින්, රටවිරු පියස නිවාස ව්‍යාපෘතිය යටතේ ණය සඳහා චෙක්පත් ප්‍රදානය හා ඉදිකළ නිවාස හිමිකරුවන් වෙත පවරාදීම දැයට කිරුළ භූමියේදී සිදු කෙරිණි.

රටවිරු පියස නිවාස ව්‍යාපෘතිය යටතේ ණය සඳහා චෙක්පත් ප්‍රදානය හා ඉදිකළ නිවාස හිමිකරුවන් වෙත පවරාදීම ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අයුරු.

අදාළ චෙක්පත් ලබාදීම නිවාස හිමිකරුවන් වෙත පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.

මෙවර දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමඟාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 100ක් හා පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 100 ඉදිකිරීමට ණය පහසුකම් සපයා තිබේ.

ඒ අනුව කඩිනමින් නිවාස ඉදිකරන පුද්ගලයන් වෙනුවෙන් රු. 50,000 ක ලී බඩු නොමිලේ ලබාදීමටද නියමිතයි.

මෙහි දී අදහස් දක්වමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, රටවිරු පවුල් සඳහා ඉතා සහනදායි පොලී මත රටවිරු පියස නිවාස ණය වැඩසටහන ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය හා තම අමාත්‍යංශය එක්ව මේවන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.

මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සුවිශාල කාර්යභාරයක් ඉටුකරන බවද සඳහන් කළ ඇමැතිවරයා විදේශ රැකියාවල නිරතවී සිටින ලක‍්ෂ 17කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ලක‍්ෂ 50ක පමණ පිරිසක් වෙනුවෙන් සුබසාධන පහසුකම් වැඩිකිරීමට ද කටයුතුකර තිබෙන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව රටවිරු පියස නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි මෙම නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මෙහිදි ඇමැති ඩිලාන් පෙරේරා මහතා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිවාස ඉදිකර අවසන් පිරිසකට එම නිවාසවල යතුරු භාරදීමද, ඉදිකිරීමට නියමිත හා දැනටමත් ඉදිකෙරෙමින් පවතින නිවාසවල හිමිකරුවන්ට චෙක්පත් භාරදීමද දැයට කිරුළ භූමියේදී සිදුකරන කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා