රටවිරු විශ්‍රාම වැටුප 2015 සිට ක්‍රියාත්මකයි

රටවිරු විශ්‍රාම වැටුප 2015 සිට ක්‍රියාත්මකයි

 - ඇමැති ඩිලාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකරන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත විශ්‍රාම වැටුප එළඹෙන 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

අප ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැයට විශ්‍රාම වැටුප් ක්‍රමය යෝජනා කර තිබෙන අතර එය අනිවාර්යයෙන්ම ලබන 2015 වසරේ දී ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව පැවසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ රටවිරුවන් විසින් මෙරටට එවන මුදලින් සියයට 60ක ප්‍රමාණයකට තීරුබදු රහිත වාහනයක් මිලදී වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙන බවත් මේ දක්වා කාලය තුළ විදේශ රටවල සිට අපේ රටට මුදල් නොඑවූ පිරිසට ද මුදල් එවීමේ අවස්ථාවක් හිමිව තිබෙන බවත්ය.

විදේශ රැකියා සඳහා පිටත්ව යන ගෘහ සේවිකාවන් අවම කොට පුහුණු සේවිකාවන් සහ සේවකයන් විදේශ රටවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව කී ඩිලාන් පෙරේරා මහතා ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 33 දක්වා පහත හෙළා තිබෙන බවද අද වනවිට පිරිමි ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා‍ යොමුවීමේ වර්ධනයක් සිදුව තිබෙන බවද ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා