කොමියුනිස්ට් පක්ෂයේ සහායත් ජනපතිට

කොමියුනිස්ට් පක්ෂයේ සහායත් ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ මස 9 වැනි දා රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගත් බව ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය පිළිබඳ මතය ප්‍රකාශ කිරීමේ දී කොමියුනිස්ට් පක්ෂය ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව සමස්ථයක් වශයෙන් සියලු ප්‍රශ්න පිළිබඳ සළකා බැලිය යුතු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොමියුනිස්ට් පක්ෂයේම හෝ සමාජවාදී ජනතා පෙරමුණේ හෝ මැතිවරණ ප්‍රකාශයක් සම්මත කිරීමටත් පොදු වේදිකාවට අමතරව මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටත් පක්ෂයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කිරීමටත් මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවත් ඒ මහතා පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා