පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය නවතින ලකුණු

පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය නවතින ලකුණු

[2014-11-13 13:30]

මහා පරිමාණයෙන් මෙරටට ආනයනය කරන ලද ග්‍රීස්, තාර සහ නයිලෝන් යන ද්‍රව්‍ය ආනයනය නවතා දමා එය මෙරටදීම නිෂ්පාදනය කිරිමට පියවර ගැනේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් මෙම අතුරු නිෂ්පාදන සාදා ගැනීමේ මූලික වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ඒ සඳහා කමිටුවක් පත්කිරීමට ද තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

බොරතෙල් උපයෝගී කරගනිමින් මෙම පිරිපහදු කටයුතු සිදුකරන අතර අතුරු නිෂ්පාදන වන තාර, ග්‍රීස්, නයිලෝන් මෙරට තුළ නිෂ්පාදනය කළහොත් වැයවන ආනයනික මිල අවමකර ගැනීමට ද හැකිවන බව අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා