මතුගම බස් නැවතුමේ පොදු වැසිකිළියට සීල් තබලා

මතුගම බස් නැවතුමේ පොදු වැසිකිළියට සීල් තබලා

මතුගම නගරයට පැමිණෙන ජනතාව සඳහා පෞද්ගලික බස් නැවතුම් පළේ තිබෙන පොදු වැසිකිළියට මතුගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සීල් තබා වසා දමා ඇත.

සීල් තැබූ මතුගම පොදු වැසිකිළිය.
ඡායාරූපය – මතුගම සංචාරක

මෙම වැසිකිළියෙන් අපජලය උතුරා යෑම නිසා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති හෙයින් මෙම පියවර ගෙන තිබේ. වැසිකිළියෙන් හමන දුගඳ හේතුවෙන් ජනතාවට සිදුවී ඇත්තේ නාස් වසා ගෙන සිටීමට ය.

මේ සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් අවස්ථා කීපයක දීම උපදෙස් ලබාදී තිබුණි. මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දික අබේරත්න මහතාගේ උපදෙස් මත මතුගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. ගම්ලත් මහතා විසින් වැසිකිළි සීල් තැබීම සිදු කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා