ඉංගිරිය - බුලත්සිංහල නව මාර්ගයේ සංවර්ධන වැඩ අවසන් අදියරේ

ඉංගිරිය - බුලත්සිංහල නව මාර්ගයේ සංවර්ධන වැඩ අවසන් අදියරේ

මාසයකටත් වඩා වැඩි කාලයක සිට අතරමග නතරව තිබුණු ඉංගිරිය - බුලත්සිංහල නව මාර්ගය කාපට් කිරීමේ කටයුතු මේ වන විට බොහෝදුරට අවසන්ව තිබීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය ප්‍රසාදය පළ කරති.

ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතීම නිසා දුහුවිල්ලෙන් වැසීගොස් තිබුණු මාර්ගයේ දර්ශනයක්.
ඡායාරූපය - ඉංගිරිය මධ්‍යම සමූහ

ඉංගිරිය - බුලත්සිංහල නව මාර්ගයේ පානදුර - රත්නපුර ප්‍රධාන පාරේ සිට හල්වතුර පාලම දක්වා කොටස කාපට් ඇතිරීමට බව පවසමින් එහි තිබූ තාර තට්ටු ඉවත් කරන්නට යෙදුණු බවත්, ඉන්පසු කාපට් ඇතිරීමක් තබා කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කිරීම මසකටත් අධික කාලයක් තිස්සේ ඇණහිට තිබුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.

මේ නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන් දුහුවිල්ලෙන් වැසීයෑම නිසා එම දුහුවිල්ල නිසා තම නිවෙස් පවා සිටීමට අපහසු වූ බවත් පවසන ප්‍රදේශවාසීහු තම දරුවන් යම් යම් ශ්වසන ආබාධවලට පවා ලක්වූ බව පවසති. කුමන ක්‍රමයකින් හෝ මෙම මාර්ගයේ කටයුතු මෙලෙස යළි ඇරැඹීම තමන්ට ඉමහත් සහනයක් බවත් ප්‍රදේශවාසීහු පවසා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා