සිවු දෙනකුට දිවි අහිමි වෙයි

සිවු දෙනකුට දිවි අහිමි වෙයි

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවය කර විශ්‍රාම ගිය විධායක නිලධාරියෙක් පදවා ගෙන ගිය සැහැල්ලු ගුවන් යානයක් කෙනක්ටිකට් ප්‍රාන්තයේ දී සෙනසුරාදා කඩාවැටී ඇත.

ද්විත්ව එන්ජින් ගුවන් යානයේ ගමන් ගත්දෙදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු ගේ මෘත ශරීර සහන සේවකයන් විසින් සොයා ගෙන තිබේ රොක්වෙල් ටර්බෝ කමාන්ඩර් 690 බී යානය මෙම අනතුරට ලක් වී ඇත්තේ ට්වීඩ් නිව් හෙවන් ගුවන් තොටුපොළට ලඟා වෙමින් තිබියදී ය .

ඊස්ට් හෙවන් නගරයේ ජනාකිර්ණ ප්‍රදේශයක නිවාස දෙකක වහලයේ කඩා වැටෙන යානය ගැටී ඇත . එම නිවෙස්වල සිටි එක් හැවිරිදි සහ 13 හැවිරිදි දරුවන් දෙදෙනාද මිය ගිය හතර දෙනා අතර වේ . ගුවන් යානයේ නියමු බිල් හෙනින්ස් ගාඩ් සහ ඔහුගේ 17 හැවිරිදි පුත්‍රයාද අනතුරෙන් මිය ගොස් තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා