උටෝ පිලිපීනය කලඹයි

උටෝ පිලිපීනය කලඹයි

උටෝ චණ්ඩ මාරුතය ඊයේ පිලිපීනයට කඩා වැදීමට නියමිතව තිබිණි. මේ නිසා ධාරාණිපාත වර්ෂාව සහ ගංවතුර තර්ජන සහ ප්‍රබල සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. මෙම චණ්ඩ මාරුතය මේ වර්ෂය තුළ පිලිපීනයට බලපාන ප්‍රබලම චණ්ඩ මාරුතය ලෙස සැලකේ.

පැයට කි.මී. 185 ක පමණ වේගයෙන් හමායන චණ්ඩමාරුතය මේ වන විට උතුරු දිගින් පිහිටා ඇති කයන්ඩුවානීස් දූපතට කි.මී. 160 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී ඇතැයි එරට කාලගුණ කාර්යංශය වාර්තා කරයි .

ඊසාන දිග ඔරෝරා ප්‍රදේශයෙන් චණ්ඩමාරුතය ගොඩබිමට කඩා වැදෙනු ඇතැයි සඳහන් වේ . මැනිලා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකටම මෙමඟින් බලපෑම් සිදුවනු ඇතැයි වාර්තා වේ .

ක්ෂණික ගංවතුර සහ නායයාම්වලින් අනතුරු සිදුවීමට ඉඩ ඇති ප්‍රදේශවල සිටින අයට ආරක්ෂක ස්ථාන බලා යන ලෙස අනතුරු අඟවා තිබේ .

වාර්ෂිකව මෙවැනි කුණාටු 20 ක පමණ බලපෑමට පිලිපීනය ගොදුරු වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා