තිස්ස විදුහලට ජය‍

තිස්ස විදුහලට ජය‍

නුගේගොඩ සාන්ත ජෝන් විදුහල සමග පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට තිස්ස මධ්‍ය විද්‍යාලයට හැකිවිය. සාන්ත ජෝන් විදුහල පළමු ඉනිමට ලකුණු 147ක් රැස්කළ අතර තිස්ස විදුහල පළමු ඉනිමට ලකුණු 173ක් රැස් කළේය. දෙවැනි ඉනිමේදී සා.ජෝන් විදුහල රැස්කළ ලකුණු 63ත් සමගින් තරගය ජයගැනීමට තිස්ස විදුහලට හිමිවු ලකුණු 38ක ඉලක්කය කිසිවකු නොදැවී සපුරා ගත්තේය.

සා.ජෝන් පළමු ඉනිම-147. උරේෂ් සඳරුවන් 33 (දිමුතු මධුසංක 0/3) සහ දෙවැනි ඉනිම-63 (මලිඳු සම්පත් 7/3, චරිත් දුෂාන්ත 11/3, දුලාජ් හර්ෂන 32/3)

තිස්ස විදුහල් පළමු ඉනිම-173. රු‍මේෂ් මධුෂාන් 47, හිමාෂ සචින් 42, දිමුතු මධුසංක 40 (කාංචන ග්‍රාම 52/7) සහ දෙවැනි ඉනිම- කිසිවකු නොදැවී 41

පානදුර සා.ජෝන් විදුහලට ජය

කොළඹ අසෝක විදුහල සමග පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට පානදුර සාන්ත ජෝන් විදුහල සමත්විය.

අසේක විදුහල පළමු ඉනිමට ලකුණු 126ක් රැස්කළ අතර දෙවැනි ‍ඉනිමේදී ලබාගත හැකිවුයේ ලකුණු 168ක් පමණි. සාන්ත ජෝන් විදුහල පළමු ඉනිමට ලකුණු 225ක් වාර්තා කළ අතර තරගයේ ජයග්‍රහණය සඳහා හිමිවු ඉලක්කය කඩුලු තුනක් දැවී සපුරාලීමට හැකිවිණි.

අසෝක විිදුහල පළමු ඉනිම-126 මලිඳු මධුරංග 41, රවිඳු ප්‍රමුදිත 31 (හර්ෂ චන්ද්‍රශාන් 37/4) සහ දෙවැනි ඉනිම-168‍. ඩිල්ෂාන් පොන්නම්පෙරුම 52, දුලිත් ලක්මාල් 48 (ඒ.මධුශංක 3/3, කවිඳු අශාන් 28/3)

සා.ජොන් පළමු ඉනිම-225. සනෝජ් දර්ශික 78, හර්ෂ චන්ද්‍රශාන් 38 (මලිඳු දිසානායක 69/5) සහ දෙවැනි ඉනිම-76/3. හර්ෂ චන්ද්‍රශාන් 36

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා