නිදහස් සමරු ක්‍රීඩා

නිදහස් සමරු ක්‍රීඩා

හොරණ ප්‍රාදේශීය සභාව සංවිධානය කරන නිදහස් සමරු වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 4වැනිදා පෙරවරු 8.00සිට මොරගහහේන බෙරුකැටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.

අවිස්සාවේල්ල චන්දා ක්‍රීඩා සමාජය හා සිංහ සමාජය එක්ව සංවිධාන කරන සමස්ත ලංකා පිරිමි/කාන්තා වොලිබෝල් තරගාවලිය හෙට (1) සිට 4වැනිදා අවිස්සාවේල්ලේදී පැවැත්වේ.

ජාතික නිදහස් උළෙලට සමගාමීව සංවිධාන කරන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග පිරිනැමෙන බව සංවිධායක‍යෝ පවසති.

‍රෝහණ දිසානායක පදනම සංවිධාන කරන නිදහස් දින සමරු දිවා-රාත්‍රි ක්‍රීඩා උළෙල මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගිවිය හැකි තරගාවලියට පාපන්දු, වොලිබෝල්, පාපැදි හා මාර්ග ධාවන තරග ඇතුළු ක්‍රීඩා ඉසව් රැසක් ඇතුළත් වේ. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර දු.ක 0718079747 (ගැමුණු ධර්මශ්‍රී) හෝ 0714471320 (සරත් රත්නවීර) මගින් ලබාගත හැකිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා