ස්කොට්ලන්තය හා එමිරේට්ස් 2015 ලෝක කුසලානයට

ස්කොට්ලන්තය හා එමිරේට්ස් 2015 ලෝක කුසලානයට

අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ලාබාලතම කණ්ඩායම් ලෙස සැ‍ළකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ස්කොට්ලන්තය 2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගමාලාවට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.

නවසීලන්තයේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී නැමීබියාවට එරෙහිව ලකුණු 36ක ජයක් ලබමින් එමිරේට්ස් කණ්ඩායම මේ අවස්ථාව උදාකර ගත් අතර ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබුවේ කෙන්යාව කඩුලු 3කින් පරාජය කරමිනි. ස්කොට්ලන්තය මීට පෙර දෙවතාවකදී ( 1999 සහ 2007) ලෝක කුසලාන එක්දින තරගමාලාවට සුදුසුකම් ලැබූ අතර එම්රේට්ස් රාජ්‍යය 1996වසරේ පැවැති තරගමාලාවට සුදුසුකම් ලැබීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා