ක්‍රීඩා ජයාරූප

ක්‍රීඩා ජයාරූප

කොළඹ තුරඟ තරග පිටියේ ඉදිකළ ක්‍රීඩා අමාත්‍යාංශයේ සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාවේදී එහි ප්‍රධාන ආරාධිතයා වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල පුවත්පත වන “කෙළිබිම” පුවත්පත එහි සංස්කාරක අමාත්‍යාංශ ලේකම් හර්ෂ අබේකොන් මහතා විසින් පිළිගැන්වු අයුරු. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහත්වරුද මෙහි සිටිති.

මහනුවර ශාන්ත සිල්වෙස්තර මහ විදුහලේ ආදි ශිෂ්‍යය සංගමයේ මෙහෙයවීමෙන් "රෝඩ් රේස් 2014" මැරතන් තරගාවලිය පසුගියදා පැවැත්විණි. විදුහල්පති රනිල් මිටියාගොඩ මහතාගේ සංඥාවෙන් තරගය ආරම්භ කළ අයුරු. ආදි ශිෂ්‍යය සංගමයේ සභාපති ජේ.තිලකසිරි, ලේකම් ජී.හේවාමතිස්,භාණ්ඩාගාරික ලක්ෂ්මන් අමරකෝන් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි විය. ඡායාරූ-සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ

සමස්ත ලංකා 67වැනි ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මේස පන්දු ශූරතා තරගාවලිය පෙබරවාරි මස 6දා සිට 9දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මෙහෙයවන මේ තරගාවලියේ කනිෂ්ඨ මේස පන්දු තරග 6හා7 දෙදින පැවැත්වෙන අතර 8හා 9 දෙදින ජ්‍යෙෂ්ඨ මේස පන්දු තරග පැවැත්වීමට නියමිතය. මෙම අංශ දෙක සදහා අයැදුම්පත් 700 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි ද, මෙවර උතුරු පළාතෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි ද පසුගියදා කෑගල්ලේ දි පැවති මාධ්‍ය හමුවේ දී අනාවරණය විය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ උපසභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, එම්. මුතාලිබ් සහ ලේකම් සමන් ශ්‍රී රත්නායක මහත්වරු සහභාගි වූහ.@ බුලත්කොහුපිටිය සමුහ-ඩබ්ලිව්.රෝහණ

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා