බැසිලිකා විදුහල කඩුලු 7කින් ජය ගනී

බැසිලිකා විදුහල කඩුලු 7කින් ජය ගනී

හේනේගම මැදි විදුහලට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාගම බැසිලිකා විදුහල සමත්විය. අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටස යටතේ පැවැති මේ තරගයේ දී බැසිලිකා විදුහලේ ජූඩ් අර්ජුන් හා පුබුදු විරාජ් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශිවංක උදාර හා අනුෂ්ක සඳරුවන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

හේනේගම පළමු ඉනිම – 153යි. තිලක් කුමාර 84 ( ජූඩ් අර්ජුන් 15/4, අෂේන් ඉෂාර 10/2, පුබුදු විරාජ් 28/2) සහ දෙවැනි ඉනිම – 153යි.ඩී.සම්පත් 29, ටී.මධුසංඛ 21 ( පුබුදු විරාජ් 38/4, ජූඩ් අර්ජුන් 18/2)

බැසිලිකා පළමු ඉනිම – 210යි. ශිවංක උදාර 40, අනුෂ්ක සඳරුවන් 39, නිපුන සඳරුවන් 36, අෂේන් ඉෂාර 32යි. සහ දෙවැනි ඉනිම – 97/3යි. අනුෂ්ක සඳරුවන් නොදැවී 32, ශිවංක උදාර නොදැවී 29, නිපුන සඳරුවන් 22යි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා