මහර පානීය ජල ව්‍යාපෘති 4ක වැඩ ඇරැඹෙයි

මහර පානීය ජල ව්‍යාපෘති 4ක වැඩ ඇරැඹෙයි

මහර-මැතිවරණ කොට්ඨාසයේ මල්වතු හිරිපිටිය, බටේපොළ, බලිවිල එක්සත්ගම සහ අමුණුකුඹුර ප්‍රදේශ සඳහා පානීය ජල ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

නිවාස ඉදිකිරීම් හා පොදු සේවා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ‍ය මඟින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී තිබේ. ජලනළ පද්ධති ඉදිකිරීම් සඳහා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙහි මූලික වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න ඇමැතිවරයා මෙසේ පැවසීය. මේ වසරේ මහර ආසනයේ විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටු කෙරෙනවා. රුපියල් දස ලක්ෂ 5500ක විශාල මුදලක් රජය මහර සංවර්ධනය කටයුතු සඳහා ලබා දී තිබෙනවා. මේ මුදල්වලින් කඩිනමින් මේ සංවර්ධන ව්‍යාපෘති නිමකළ හැකියි.

බ‍ටේපොළ - බලිවිල එක්සත්ගම ප්‍රදේශ හරහා ඇදෙන මේ ජලනළ පද්ධතීන් යටතේ පන්දහසකට පමණ පානීය ජල පහසුකම් සැපයේ.

බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී දිලිප් කුමාර රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් පෙරේරා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් රෝහිත කුමාර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා