හොරණට ළඟදීම ඔසු හලක්

හොරණට ළඟදීම ඔසු හලක්

හොරණ නගරය හා ඒ අවට පවත්වාගෙන යනු ලබන ඔසුහල් පිළිබදව පසුගිය කාල පරිච්ඡේදයඇතුළත නොයෙකුත් විවේචන පැමිණිලි හා විරෝධතා පිළිබඳව වාර්තා විය.මේ සිදුවීම් කළුතර දිසා මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් හොරණ සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කිරීමේදී රාජ්‍ය ඔසුහලක් ගෙන ඒමට ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය පැන නැගිණි.

ඒ සඳහා හොරණ නගර සභාවට අයත් පැරැණි ගොඩනැඟිල්ල ලබාදීමට හොරණ නගරාධිපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්‍ෂ-විපක්‍ෂ නාගරික මන්ත්‍රී මණ්ඩලය එකඟවී ඇත.මේ නිසා හොරණ නගරයේ රාජ්‍ය ඔසුහලක් ළඟදීම පැරැණි නගර සභා ගොඩනැගිල්ලේ විවෘත වීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්මට අනුව ඉදිවන පොදු වෙළෙඳ සංකිර්ණය ඉදිකිරිමෙන් පසුව වැඩි පහසුකම් සහිතව රාජ්‍ය ඔසුහල එහි ස්ථාපිත කිරීමටත් නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා