ත්‍රිරෝද රථයෙන් මත්පැන් ගෙනගිය අයට නඩු

ත්‍රිරෝද රථයෙන් මත්පැන් ගෙනගිය අයට නඩු

නීතිවිරෝධි මත්පැන් බෝතල් සියයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මානවිට කලුවැල්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා අදාළ මත්පැන් තොගය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති (පො.ප) ප්‍රභාත් පරණවිතාන, (පො.ප) එදිරිසූරිය, (පො.සැ) කුසුම්පාල 8177, (පො.කො) කස්තුරි 40070 ශාන්තිලාල් 26244 යන නිලධාරිහු මේ වැටලීම සිදුකළහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා