හෝමාගම සහ කැස්බෑව ග්‍රාම සේවා වසම්වල ජනතාවට පානීය ජල පහසුකම්

හෝමාගම සහ කැස්බෑව ග්‍රාම සේවා වසම්වල ජනතාවට පානීය ජල පහසුකම්

කහතුඩුව, පොල්ගස්ඕවිට, හල්පිට ඇතුළු හෝමාගම හා කැස්බෑව මැතිවරණ කොට්ඨාසයන්හි ග්‍රාම සේවා වසම් රැසකට පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

කළු ගඟ පානීය නළ යෝජනා ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා හල්පිට පාසල් මාවතේ ඉදි කරන ලද දැවැන්ත ජල තටාකයේ ඉදිකිරීම් මුළුමනින්ම නිම කරන ලද බව ද ජල සම්පාදන මණ්ඩලය කියයි.

ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගවල නළ එළීම් කටයුතු මේ දිනවල සිදු වෙමින් පවත්නා අතර, එය අවසන්වීමෙන් පසුව ටැංකියකට ජලය ගබඩා කිරීමට කටයුතු කෙරේ. කැස්බෑව - හොරණ මාර්ගය පුළුල් කර කාපට් කිරීම අරඹා ඇති අතර, කාපට් කර වසර තුනක් යන තුරු කුමන හේතුවක් නිසාවත් යළි කඩතොලු නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. මේ නිසා එම මාර්ගය දෙපස පදිංචිකරුවන් අතුරෙන් මෙතෙක් ජලසම්බන්ධතාව ලබා නොගත් පිරිස් ඉක්මනින් ඒ සඳහා අයැදුම් කළ යුතු බව කැස්බෑව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරිනියක් සඳහන් කළාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා