ගම්පහ කච්චේරියට යන්න බෑ ත්‍රීවීල් පාර අරක්ගෙන

ගම්පහ කච්චේරියට යන්න බෑ ත්‍රීවීල් පාර අරක්ගෙන

ගම්පහ ඉඩම් කච්චේරියට යන මාර්ගය ත්‍රීවීල් රථ නවතා තැබීම නිසා ඉඩම් කච්චේරියට යන අය මහත් අපහසුතාවකට පත් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ මාර්ගය පුළුල් කිරීමට යෝජනා වී තිබුණත් එම මාර්ගය පුළුල් නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ. එසේම මාර්ගය දෙපස ඇති කඩ, අනවසර වෙළෙඳසල් නිසා ද මාර්ගය ඇහිරී ඇත. මේ කඩ ඉවත් කර ගැනීමට කඩහිමියන් වන්දි මුදල් ද ලබාගෙන ඇතත් මෙතෙක් ඒවා ඉවත් කරගෙන ද නැත. මේ මාර්ගය කඩිනමින් පුළුල් කරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා