‘සරුංගලයෙන් උඩුගුවනට’ යන්න අගෝස්තු 8දා ගාලු මුවදොර එන්න

‘සරුංගලයෙන් උඩුගුවනට’ යන්න අගෝස්තු 8දා ගාලු මුවදොර එන්න

රාවණා ඇවේෂන් සරුංගල් තරගාවලිය (Ravana Aviation Kite Festival) අගෝස්තු 8වැනිදා පෙරවරු 8.00 සිට දවස පුරා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වේ. ප්‍රථමවරට සංවිධාන කැරෙන මේ තරගාවලිය ‘සරුංගලයෙන් උඩුගුවනට’ තේමාව පෙරදැරි කොට ගෙන මෙවර පවත්වන බව රාවණා ඇවේෂන් ප්‍රධානී ගුවන් නියමු, කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේ ආරච්චි මහතා පවසයි. ගුවන් නියමු හා ගුවන් යානා තාක්ෂණය කෙරෙහි කුඩා දරුවන්ගේ අවධානය යොමු කරවී‍ම තම මූලික ඉලක්කය බව ද ඔහු කීය.

අවුරුදු 15 හා ඉන් පහළ දරුවන් සඳහා පමණක් විවෘත මේ තරගාවලිය තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ. හොඳම නව නිර්මාණාත්මක සරුංගලය, හොඳම නිර්මාණාත්මක කඩදාසි ගුවන් යානය, හොඳම සංස්කෘතික සරුංගලය සහ හොඳම ස්වභාවික සරුංගලය යන අංශ යටතේ මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගකරුවන් තමන් කැමති තරග කාණ්ඩයන්ට අදාළව සරුංගල සාදා එදිනට රැගෙන ආ යුතුය. වැඩිහිටියන් තරගකරුවන්ට ලබා දිය යුත්තේ සීමිත උපකාරයක් පමණි. සියලු සරුංගල අතින් කළ නිර්මාණ විය යුතුය.

ඉල්ලුම්පත් ravana aviation ‍‍පේස් බුක් පිටුවෙන් හෝ www.ravanaaviation.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. අගෝස්තු 1 වැනි දාට ප්‍රථම සාමාන්‍ය තැපැල් මඟින් ‘රාවණා ඇවේෂන් සරුංගල් තරගාවලිය’ 405, වනවාසල, කැලණිය ලිපිනයට හෝ [email protected] විද්යුත් තැපෑලට හෝ යොමු කළ යුතුය. දුරකථන අංක 0712501063 (ක්‍රිෂාන්), 0778027998 (ප්‍රසාද්), 0775436176 (අනුරාධ) අමතා වැඩි විස්තර ලබා ගත හැකිය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා