හෙයියන්තුඩුව ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

හෙයියන්තුඩුව ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

නවීකරණය කරන ලද හෙයියන්තුඩුව ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය අද (18) පෙ.ව.10.00ට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

රුපියල් මිලියන 70ක පමණ වියදමකින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංවර්ධනය කරන ලද වොලිබෝල්, කබඩි හා නෙට්බෝල් ක්‍රීඩා පිටි මෙන්ම රට මැද පිහිටි එකම බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියක්ද මේ සංවර්ධනය මධ්‍යස්ථානයේ ඉදිකර තිබේ. 500 දෙනකුට නවාතැන් ගතහැකි නේවාසිකාගාරයක්ද මෙහි පිහිටා ඇත.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් බී.විජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකා තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වෙති‍.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා