මීටත් වඩා ජාති ද්‍රෝහිකමක් තියෙනවාද?

තිස් අවුරුද්දක් පුරා ලේ ගංගා ගලා ගිය  යුද්ධය ඉවරයි රට එක්සේසත් වුණා  ඒක අමතක කරන්න කියා විපක්ෂය කියනවා

මීටත් වඩා ජාති ද්‍රෝහිකමක් තියෙනවාද?

නියෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රශ්න කරයි

මීට වසර දහස් ගණනකට පෙර මේ රට එක්සේසත් කළ දුටු ගැමුණු, මහා විජයබාහු, හයවන පරාක්‍රමබාහු වැනි රජවරු ගැන කතා කරන අපි මෙදා රට එක්සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට එක්සේසත් කිරීම ගැන වසර පහෙන් අමතක කරන්නැයි විපක්ෂය පවසන ජාති ද්‍රෝහි ප්‍රකාශය මේ රටේ මුළු මහත් ජනතාව අනුමත නොකරනු ඇතැයි කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඉකුත් (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට පිළිතුරු ලබාදෙමින් කතා කළ ඒ මහතා...

එදා අනුරාධපුරයෙන් එහාට යන්න බැරිව සිටි මේ රටේ ජනතාවට රට එක්සේසත් කළ දුටු ගැමුණු රජතුමා වසර විසිහතරක් මේ රට පාලනය කළ අතර දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් ලෙසට පත්වු අපේ මව්බි‍ම චෝලයන් පරදා මහ විජයබාහු රජතුමා වසර පනස්පහක් මේරට පාලනය කළ බව පෙන්වාදුන්නේය.

හයවන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කොට වසර හතළිස් පහක් රට පාලනය කළ අතර මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර ගන්නා විට අපට වව්නියාවේන් එහාට යන්න නොහැකි තත්ත්වයක් තිබුණු බව මේ රටේ ජනතාවට නොරහසක් යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

උතුරේ සිටි සිංහල පවුල් විසිපන්දහසක් හා මුස්ලිම් පවුල් පහළොස් දහසක් එක පැය විසිහතරෙන් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් දොට්ට දැමු අවස්ථාව මේ රටේ මිනිසුන්ට අමතක කළ හැකිද? යන්න මුළු මහත් ජනතාවගෙන් ප්‍රශ්න කරයි. මේවා ජාතියක් ලෙස අපි පුන පුනා මතක් කළ යුතු කරුණු යැයිද ඒ මහතා අවධාරණය කෙළේය.

මැලේසියාවේ මාතීර් මොහොමඩ් මහතා ඒ රටේ පාලනය භාර ගන්නාවිට ඉතා පහළ ආර්ථිකයක් තිබු අතර වසර විසිහතරක් ඒ රට පාලනය කළ ඒමහතා මැලේසියාව සංවර්ධිත රටක් තත්ත්වයට ගෙන ආකාරය සිහිපත් කළ වීරසේකර මහතා අද මෙරට විපක්ෂයට කියන්න දෙයක් නැති තරමට බංකොළොත් බැවින් ඉතා පහත් ලෙස රට ජාතිය ගැන තිබෙන කරුණු විකෘති ආකාරයෙන් ප්‍රකාශ කොට ජනතාව මුලා කිරීමේ අසාර්ථක ක්‍රියාවලියක යෙදි සිටින බව පෙන්වාදුන්නේය. මේවා පිළිබඳ වසර තිහක් යුද්ධයකින් බැට කෑ ජනතාවක් ලෙස සිහි බුද්ධියෙන් බැලියුතුයි.

එදා වඩමාරච්චි සිද්‍ධියේදි ප්‍රභාකරන් අල්ලාගෙන මේ ගැටලුව විසඳන්න තිබු අතර මේ රටේ එවකට සිටි නායකයන් නිවට නියාලුවී ඒ යුද්ධය නවතා දමා ඊට පසු මේ රටේ මිනිස් සංහාර හා දේපොළ විනාශයන් රැසකට මග පෑදුව අතර වසර 2009 දි ප්‍රභාකරන් අල්ලන්න සූදානම් වන අවස්ථාවේ එංගලන්තයේ මිනිබෑන්ඩ් හා ප්‍රංශයේ කෲෂ් ඇවිත් එදාටත් වැඩිය විශාල බලපෑමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුකළා. ඒකිසිවකට යටත් නොවු ඒ මහතා ප්‍රභාකරන් අල්ලා විනාශ කළ බව පැවැසීය.

ඒ නිසා බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත විවිධ යෝජණා ගෙනත් ජනපති සිරකරන්න සූදානම් වෙනව බව ලෝකයේ කරුණු ගැන අවබෝධයක් ඇති අය දන්න අතර අපි මානව හිමිකම් කැඩුවානම් සුසෙයිගේ බිරිඳ හා දරුවන්ව මේ විධියට ආරක්ෂා කරයිද යන්න ඒ මයතා ප්‍රශ්න කෙළේය.

අද වංචා දූෂණ ගැන කතා කරන අයට කියන්න තියෙන්නේ රටේ සංවර්ධනය සිදු කොට මාර්ග ඉදිකෙළේ නැත්නම් සංවර්ධනයත් නැහැ දූෂණ ගැන චෝදනාත් එවිට මාර්ග වාරිමාර්ගවෙලා පාරේ යන්න බැහැ. විදේශ රටවල තිබෙන මංමාවත් ගැන පම්පෝරි විපක්ෂයේ පවසනවා. මෙහිද් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජි. විජේරත්න, නාමල් ඔය ප්‍රාදේශිය සභාවේ සභාපති පාලිත පුෂ්ප කුමාර හා අම්පාරේ හිටපු රාජ්‍ය නිලධාරියකු වන ඒ. තවපාලන් යන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට පෙළ ගැසි සිටින බව පැවසූහ.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා