මෛත්‍රී, චන්ද්‍රිකා හා රනිල් හවුල රටත්, එජාපයත් විනාශ කරනවා

මෛත්‍රී, චන්ද්‍රිකා හා රනිල් හවුල රටත්, එජාපයත් විනාශ කරනවා

නීතිඥ නදීර මානගොඩ ජනපතිට සහාය පළකරමින් කියයි

මෛත්‍රී , චන්ද්‍රිකා හා රනිල් හවුල රටත්, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරන බැවින් තමා මෙවර ජනාධිපතිවරණයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන්න තීරණය කළ බව නීතිඥ නදීර මානගොඩ මහතා ‘දිනමිණ'ට පැවසීය.

ඒ මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරේදී හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් කතා කළ මානගොඩ මහතා, තමා මෙවර මැතිවරණය දෙස හොඳින් නිරික්ෂණය කරමින් සිටි අතර විපක්ෂයේ සිදුවන ක්‍රියාවලිය වන්නේ යුද්ධයකින් පසු නැගිටින අපේ මව්බිම යළි අරාජික කිරීමට ගන්නා වැඩපිළිවෙළකි.

එබැවින් මේ දේශ ද්‍රෝහි වැඩපිළිවෙළට හෘද සාක්ෂියට එකඟව සහයෝගය දීමට නොහැකි බැවින් මේ තීරණය ගත් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයට නායකත්වය දෙන කාලසමයේදි පවා කොළඹ සිදුවූ දේවල් ගැන විමසිලිමත්වූ අතර ඒකාලයේදිම තමාට ජනපතිවරයා කෙරෙහි යම් අවබෝධයක් ඇතිවූ බව පෙන්වා දුන්නේය.

තමා කොළඹ නාගරික මන්ත්‍රීවරුන්වන මහින්ද කහඳගම හා එරික් චන්ද්‍රසේන යන මහත්වරු සමඟ ‍ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි මේ බව දැනුම් දුන් බවද වැඩිදරටත් කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා