සිඩ්නි නුවර අවන්හලේ ප්‍රාණ ඇපයට ගත් පිරිසේ කිසිදු ශ්‍රී ලාංකිකයකු නෑ

සිඩ්නි නුවර අවන්හලේ ප්‍රාණ ඇපයට ගත් පිරිසේ කිසිදු ශ්‍රී ලාංකිකයකු නෑ

සන්නද්ධ පුද්ගලයකු විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි අවන්හලක දී ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිඩ්නි නුවර, මාර්ටින් පෙදෙසේ පිහිටි ලින්ඩ්ට් අවන්හලේ (Lindt Chocolat Cafe) සේවකයන් සහ තවත් පිරිසක් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබෙන අතර ඔවුන් අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නොමැති බවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශකර ඇත.

ප්‍රාණ ඇපයේ සිටි පිරිස බේරාගැනීම සඳහා පොලිසිය සිදුකළ මෙහෙයුමෙන් පසු ඔවුන්ව මුදා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර එම සිද්ධියෙන් තිදෙනකු මරණයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වුවද මේ සිද්ධියට මුහුණදුන් ශ්‍රී ලාංකිකයන් සිටනවා දැයි විමසිල්ලෙන් පසුවන බව ද මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ ආපන ශාලාවට පොලිසිය ඇතුළුවීමත් සමඟ විශාල පිපිරීමක හඬ ඇසී තිබෙන අතර ඒ සමඟම ප්‍රාණ ඇපකරුවන්ව සිටි පිරිස ආපන ශාලාවෙන් පිටතට දිව ගිය බව ද වාර්තා වන අතර තුවක්කුකරු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් පසු තුවක්කුකරු ජීවිතක්ෂයට පත්වූ වාර්තා වෙයි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා