ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් 30ක්-ධීවර බෝට්ටු 19ක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් 30ක්-ධීවර බෝට්ටු 19ක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් 30 දෙනකු සහ ධීවර බෝට්ටු 19ක් නිදහස් කිරීමට තමිල්නාඩු රජය තීරණය කරයි.එරට මධ්‍යම රජයේ විදේශ කටයුතු ලේකම්වරයා තමිල්නාඩු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලාංකික ධීවරයන් සහ ධීවර බෝට්ටු නිඳහස් කිරීමට තීරණය කැර තිබෙන අතර ඔවුන් එළඹෙන 22 වැනිදා ශ්‍රී ලංකාවට එවීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ඕ. පනීර්සෙල්වම් (O. Panneerselvam) මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කැර තිබෙන අතර ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්‍රා ද මෙලෙස නිඳහස් කිරීමට පියවර ගන්නා ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කැර ඇත.

මේ අතර මහ ඇමැතිවරයා පෙන්වා දී තිබෙන්නේ කමිල්නාඩු ධීවරයන් 66 දෙනකු සහ බෝට්ටු 81ක් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන බවයි. තමිල්නාඩු රජය හැමවිටම ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ දෙපාර්ශවයේ ධීවරයින් සමඟ සහයෝඟීව කටයුතු කරන බවද අත්අඩංගුවේ පසුවන ධීවරයන් නිඳහස් කිරීම වෙනුවෙන් සහයෝගීව කටයුතු කරන බවද ඕ .පනීර්සෙල්වම් මහතා ප්‍රකාශ කැර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා