ජාතික හෙළ උරුමය දෙකඩවීමට රතන හිමියන් වගකිව යුතුයි

ජාතික හෙළ උරුමය දෙකඩවීමට රතන හිමියන් වගකිව යුතුයි

නව ජාතික සංඝ සම්මේලනය

ජාතික හෙළ උරුමය දෙකඩ වීමට අතුරලියේ රතන හිමියෝ වගකිව යුතු බව නව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි. ජාතික සංඝ සම්මේලනයේ වැරදි ප්‍රතිපත්ති නිසා නිවැරදි මාවතේ ගමන් කිරීමට නව ජාතික සංඝ සම්මේලනය පිහිට වූ බව එහි ප්‍රධාන ලේකම් දුටුවැවේ ලංකානන්ද හිමියෝ පැවසූහ.

ජාතික සංඝ සම්මේලනය පොදු අපේක්ෂකයා සමගයි කටයුතු කරන්නේ. මේක අපට ගැළපෙන්නේ නැහැ. අතුරලියේ රතනසාර හාමුදුරුවෝ විවිධ නොගැළපෙන කොටස්වල අතකොළුවක් බවට පත් වෙලා. උන් වහන්සේට පොදු අපේක්ෂක කණ්ඩායමේ කොටස් සමග එකට කටයුතු කළ හැකිද?

කොටි ඩයස්පෝරාවේ කොටස් තමා ඔවුන් මෙහෙය වන්නේ. උදය ගම්මන්පිල මහතාට නව ජාතික හෙළ උරුමය නමින් පෙරට ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. නව ජාතික සංඝ සම්මේලනයේ සභාපති දෙනගම ධම්මාරාම හිමි - අතුරලියේ අතන හිමි, ජාතික සංඝ සම්මේලනයට පිවිතුරු හෙටක් සමග රැගෙන යමින් තිබෙනවා.

කාටවත් රට අස්ථාවර කරන්න ඉඩ දෙන්නේ නැහැ. රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව නැවත ජනාධිපති කරන්නයි අපේ උත්සාහය. අම්පාර, මොණරාගල ප්‍රදේශයන්හි පසුගිය දිනවල කළ සංචාරයේදී අපට පෙනී ගියේ කළ ගුණ දත් ජනතාව ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවී මට පෙළ ගැසී සිටින බව.

පොදු අපේක්ෂකයා ගෙන ආ කුමන්ත්‍රණය පිටුපස විදේශිය රහස් ඔත්තු සංවිධාන සිටිනවා . අන්‍යාගමික පනත ගෙන ආ වේලාවේ රතන හිමි ක්‍රියා කළ ආකාරය අනුමත කරන්න බැහැ. සියලු තොරතුරු අප ළඟ තිබෙනවා.

නව ජාතික සංඝ සම්මේලනය විධායක ක්‍රමයට බය නැහැ.ඒක තිබෙන්න ඕනේ. මාදුළුවාවේ සෝභිත හිමි විධායකයට බයයි. මේ රටේ ජාතික ප්‍රශ්න නැහැ. කොන්ද කෙළින් තබා ගෙන කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාටයි අප සහයෝගය ලබා දෙන්නේ. නව ජාතික සංඝ සම්මේලනයේ දෙණිපිටියේ ධම්මින්ද හිමියෝද මෙහිදී අදහස් දැක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා