ජනතාව ඡන්දය දිය යුත්තේ ජනපති මහින්දට පමණයි

ජනතාව ඡන්දය දිය යුත්තේ ජනපති මහින්දට පමණයි

කොළඹ රාජ්‍යසේවා විශ්‍රාමිකයනගේ සංසදය

ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දිය යුත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මිස අන් කිසිවකුට නොවන බව, කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ සංසදය පවසයි. කොළඹ සව්සිරිපායේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ කරුණු අවධාරණය කර සිටියහ.

එහිදී එම සංසදය අවධාරණය කර සිටියේ පසුගිය දශක පහක කාලයේ රට, දැය, සමය නඟා සිටුවීමට උරදුන්, දාඩිය වැගිරූ දුක්විඳි අය වන්නේ විශ්‍රාමික පිරිස බවයි. එලෙස ගොඩ නැඟු දේ රැක ගැනීම සැමගේ යුතුකම හා වගකීම වන බැවින් වැඩිහිටි, උගත්, පරිණත, බුද්ධිමත් තමන්ගේ වගකීම අපක්ෂපාති දැක්මක් කරා යාම බව කීය.

එහිදී ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම කාගේත් යුතුකම හා වගකීම වන බවද කියා සිටියේය.

අවලංගු කාසි ලෙස, පිංපඩිකාරයන් ලෙස සැලකූ විශ්‍රාමිකයන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලබා දීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, දරු මුනුපුරන්ට රැකියා අවස්ථා ලක්ෂ ගණනින් ලබාදීම, රටේ සමස්ත සංවර්ධනය සලසාලීම, විශ්‍රාමික අයගේ බැංකු තැන්පතුවලට 12% පොලී ප්‍රතිශතයක් ලබාදීම, දශක තුනක ප්‍රභාකරන් භීෂණයෙන් රට මුදවාලීම, බටහිර අධිරාජ්‍යවාදීන්ට සහ දෙමළ ඩයස්පෝරාවට සාර්ථකව නොබියව මුහුණදීම යන කාරණා ඉටු කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඔවුහු පැවැසූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා