කොල්ලුපිටියේ ආයතනයකින් මුදල් වංචා කළා යැයි කියන වෙළෙඳ විධායක රිමාන්ඩ්

කොල්ලුපිටියේ ආයතනයකින් මුදල් වංචා කළා යැයි කියන වෙළෙඳ විධායක රිමාන්ඩ්

වෙළෙඳ විධායකවරයකු වශයෙන් සිට තම වෙළෙඳ ආයතනයට රුපියල් හාර ලක්ෂ දෙදහසක පමණ මුදලක් වංචා කළ බව කියන සැකකරුවකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණගමගේ මහතා ඊයේ (16) නියෝග කෙළේය.

මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරුණේ මාකොළ ප්‍රදේශයේ ගයාන් සමින්ද නමැත්තෙකි. කොල්ලුපිටිය සේනානායක ගොඩනැගිල්ලේ පිහිටි විදුලි පංකා හා පරිපත දිවයින පුරා අලෙවිකරණ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු වන ලුනාව මොරටුව පදිංචි අතුල කුඩාගමගේ නමැති අය කළ පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන අංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් ඔහු 22 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා සැකකරු 19 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයට පත් කෙළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා