වැඩි ඡන්ද හතළිස්දහසකින් ජනපති කඩුවෙලින් ජය ගන්නවා

වැඩි ඡන්ද හතළිස්දහසකින් ජනපති කඩුවෙලින් ජය ගන්නවා

- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ජනාධිපතිවරණයේ දී කඩුවෙල ආසනය වැඩි ඡන්ද හතළිස්දහසකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය ලබා දෙන බව කඩුවෙල ශ්‍රි.ල.නි.ප ප්‍රධාන සංවිධායක , පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 830ක වියදමින් කඩුවෙල සීලවිමල මාවත හා මාලබේ උඩවත්ත පාර කාපට් අතුරා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයේ දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

පාරවල් කන්නද කියා විපක්ෂය අපෙන් අහනවා. මේවා යුද්ධය අවසන් කිරීමේ ප්‍රතිඵල ලෙස ජනතාවට ලැබෙන ප්‍රතිලාභයි. විපක්ෂය මොන කතා කීවත් රටේ මොන ප්‍රදේශයකට ගියත් දකින්න ලැබෙන්නෙ අපි කළ සංවර්ධන ව්‍යාපෘති.

අද අපෙන් ගිය මෛත්‍රිපාල සේනානායක මහතා අසරණ වෙලා . දැන් යූ.ඇන්.පී. එක වැඩ නැහැ. මෛත්‍රි පාලසිරිසේන මහතා කියන්නෙ තමා තාම ශ්‍රි.ල.නි.පයේ කියලයි. ශ්‍රි ල.නි.ප කාරයෙක් ජනපති කරන්න යූ.ඇන්.පි. කාරයො ඡන්දෙ දෙයිද, රනිල් අගමැති කරන්න ශ්‍රි.ල.නි.ප පාක්ෂිකයො ඡන්දෙ දෙන්නෙත් නෑ. අන්තිමේදී යූ.ඇන්.පී. පාක්ෂිකයොත් නෑ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයොත් නෑ.

සමහර දේවල් ලැබුනෙ නැහැ කියල පොඩි පොඩි අමනාපකම් හදා ගත්ත අය ඉන්නව. එහෙම අය පවුල්වලත් ඉන්නවනෙ. ඒ අයට කොපමණ දුන්නත් මදි. මං යනව කියල යනව. එයාල ගියාට ජනතාව යන්නෙ නෑ. අපේගිය සමහර අය ආපසු ආවා. ඒ අය දැනගත්ත යන්නේ හරි පාරෙ නෙමෙයි කියලා.

දැන් රනිල්ට ප්‍රශ්න ගොඩයි. රනිල්ට උඩින් ඉන්නෙ චන්ද්‍රිකා මැඩම්. කරු ජයසූරිය අහලකවත් නැහැ. අලියත් නැහැ කොළ පාටත් නැහැ. මෛත්‍රිපාල සිරිසේනගෙ ලකුණ හංසයා නිසා සුදුපාට තමයි තෝරාගන්න වෙන්නෙ ‍්‍විදේශ බලවේග කොටි ඩයස්පෝරුව මේ ඔක්කොම එක්වෙලා නැවත රට අස්ථාවර කරල යුද්ධෙන් බැරිවුණු දේ කරගන්නයි හදන්නෙ. මේ රට දෙකඩ කරල රටවල් දෙකක් අතර යුද්ධයක් ඇකි කරන්නයි හදන්නෙ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා