මෛත්‍රී පෙරට දමන විදෙස් ඔත්තු සේවාවල කුමන්ත්‍රණ ගැන ජනතාව දැනුවත් කිරීමට දේශ හිතෛෂි ජනතා ව්‍යාපාරයෙන් පත්‍රිකාවක්

මෛත්‍රී පෙරට දමන විදෙස් ඔත්තු සේවාවල කුමන්ත්‍රණ ගැන ජනතාව දැනුවත් කිරීමට දේශ හිතෛෂි ජනතා ව්‍යාපාරයෙන් පත්‍රිකාවක්

සී. අයි. ඒ , රෝ සහ විවිධ විදෙස් ඔත්තු සේවාවන් වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරට දමමින් කරන කුමන්ත්‍රණය පිළිබඳ රට පුරා ජනතාව දැනුවත් කිරීමට ඉදිරි දින කීපය තුළ පත්‍රිකාවක් බෙදා හරින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම එසේ ප්‍රකාශ කළේ, ඊයේ (16) බොරැල්ල රෙඩ්නි පෙදෙසහි ' ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානය ' විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. වර්තමානයේ බොහෝ මාධ්‍යයන් දේශපාලනයේ කුණු රස පසු පස ගමන් කරන බව චෝදනා කළ ඒ මහතා රටට එරෙහිව සිදුවන කමන්ත්‍රණ, ඒවායේ ගැඹුර පිළිබඳ තොරතුරු රැගෙන නොයනවා යයි පැවසීය.

ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජාතික සංවිධාන තිහකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. අප උත්සාහ කරන්නෙ මේ තීරණාත්මක මොහොතේ ජනතාවට නිවැරදි දේ අවබෝධ කර දීමටයි. කුමන්ත්‍රණ කාරී බලවේග ශක්තිමත් වුවහොත් රටට කුමක් සිදුවේදැයි යනුවෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා- මෙවර ජනාධිපතිවරණය සාමාන්‍ය ජනාධිපතිවරණයක් නොවේ. රට දිනවිමට වර්තමාණ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවිය යුතුයි. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. විදේශීය බලවේග මෙහෙයවන දේශීය කඳවුර අප පරාජය කළ යුතුයි. අරාබි වසන්තයක් ඇති කරන්න හඳන උත්සාහය පරාජය කරන්න ඕනෙ. අප ආරම්භ කල මෙහෙයුම් මධ්‍යෂ්ථානයෙන් සැබෑ තත්ත්යන් පිළබඳව ජනතාව දැනුවත් කරනවා.

දේශප්‍රේමී භික්ෂු මෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි- මෛත්‍රී නැමැති රූකඩය යොදා ගනිමින් මේ රට අස්ථාවර කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. චන්ද්‍රිකා සහ රනිල් මෛත්‍රීව නටවනවා. ගුවන් තොටුපළ වසනවා යයි පොදු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම බරපතලයි.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි- විධායකය අහෝසි කිරීම තුළ රට බෙදීමට අවශ්‍ය පසුබිම සැකසෙනවා. වර්තමාන කුමන්ත්‍රණය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම පත් කළ යුතුයි. සමස්ථ ලංකා ත්‍රී රෝද රථ සංගමයේ ලලිත් ධර්මසේකර මහතා- අප හැමදාම රට වෙනුවෙන් නිවැරදි දේ පෙන්වා දුන්නා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා