ගුරුවරුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන එක් අයෙක් ඇළකට වැටී මිය ගිහින්

ගුරුවරුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන එක් අයෙක් ඇළකට වැටී මිය ගිහින්

හේතුව පවුල් ආරවුලක්

වේයන්ගොඩ ප්‍රදේශයේ විදුහල් දෙකක ගුරුවරුන් දෙදෙනෙකු අතර 15 දා රාත්‍රියේ ඇති වී යැයි කියන ගුටි බැට හුවමාරුවකදී එක් ගුරුවරයකු ඒ අසල තිබූ ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් පිළිබඳව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ විදුහලක ගුරුවරයකු වූ කපිල රාජ් පීරිස් නැමැත්තකු බවට හඳුනාගෙන ඇත.

පවුල් ආරවුලක්මේ සිද්ධියට මුල් වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරමින් අනෙක් ගුරුවරයා පවසා ඇත්තේ තමා 15 දා රාත්‍රියේ තම නිවසට පැමිණෙන විට මිය ගිය ගුරුවරයා තම නිවසේ සිටි බවත්, ප්‍රශ්න කිරීමෙන් පසු ඇති වූ බහින් බස් වීම දුරදිග ගොස් ගුටි බැට හුවමාරුව ඇති වූ බවත් තමාගේ පහරකින් විසි වී ගිය කපිල අළට වැටී උඩුබැලි අත‍ට පාවුණු බවත් ය.

මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි. නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා