ජනපති මහින්දගේ විජයග්‍රාහී පස්වැනි ජන රැලිය අද සවස 2 ට කුලියාපිටියේ දී

ජනපති මහින්දගේ විජයග්‍රාහී පස්වැනි ජන රැලිය අද සවස 2 ට කුලියාපිටියේ දී

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන පස්වැනි විජයග්‍රාහී ජන රැලිය අද (17) සවස 2.00ට කුලියාපිටියේ දී පැවැත්වේ.

ජනාධිපතිවරණ සටනේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අරමුණෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රට පුරා ජන රැලි 27ක් පැවැත්වීමට නියමිත අතර අනුරාධපුරය, නාවලපිටිය, පානදුර සහ හලාවත දී මේ වන විට රැලි හතරක් පවත්වා තිබේ.

ත්‍රස්තවාදය පරාජය කර රටම සංවර්ධනය කරා ගෙන ගිය අභීත රාජ්‍ය නායකයාට නැවත වරක් ජනාධිපති ධූරය හිමිකර දීමේ අභිලාෂයෙන් රොද බඳින ජනතාව දැනුවත් කිරීමේ අරමුණි‍න් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම රැලි මාලාව සංවිධාන කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ප්‍රධාන සන්ධානයේ සෙසු සහෝදර පක්ෂ නායකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා