ශ්‍රී ලංකාවේ නොකඩවා පළවන පැරැණිතම ජාතික පුවත්පත දිනමිණ අද සිය 105 වැනි උපන් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ නොකඩවා පළවන පැරැණිතම ජාතික පුවත්පත
දිනමිණ අද සිය 105 වැනි උපන් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ පැරැණිතම ජාතික පුවත්පතක් වන දිනමිණ අද (17) සිය 105 වන සංවත්සරය සමරයි. රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන් 'දිනමිණ' නාමය මෙම ජාතික පුවත්පතට ලබාදුන් අතර 1909 වසරේ දෙසැම්බර් මස 17දා පුවත්පත් ඉතිහාසයේ සුවිශේෂී ලකුණක් බවට පත්වෙමින් 'දිනමිණ' මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය.

ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ එච්.එස්. පෙරේරා මහතා 'දිනමිණ' පුවත්පතේ මුල්ම කතුවරයා වෙයි. එච්.එස්. පෙරේරා මහතා දිනමිණ පුවත්පතෙහි අයිතිය ඩී.ආර්. විජයවර්ධන මහතාට පවරාදීමෙන් පසුව ලේක්හවුස් ආයතනය නොකඩවා එම පුවත්පත පාඨකයාට පිරිනමා ඇත.

එච්.එස්. පෙරේරා මහතාගෙන් පසු ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට, පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, එම්.ඒ.ද සිල්වා, ඩී.ඩී. වෙත්තසිංහ, එස්. සුබසිංහ, පෙරමුණේතිලක, එඩ්මන්ඩ් රණසිංහ,බන්දුල මෙත්තානන්ද, ජී.එස්. පෙරේරා, සරත් කුරේ, දෙල්තොට චන්ද්‍රපාල, බෙනට් රූපසිංහ, තිස්ස එදිරිසිංහ, සමන් වගආරච්චි, බන්දුපාල ගුරුගේ, සී. දොඩාවත්ත, රන්ජන් අමරරත්න, මහින්ද අබේසුන්දර මහත්වරු දිනමිණ මුල් පුටුව හෙබවූහ. 2012 වසරේ සිට මේ දක්වා දිනමිණ කතු පදවිය දරන්නේ ගාමිණී ජයලත් මහතායි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා