කොළඹ නගර සභා අය-වැයෙන් කම්කරු සේවකයන්ට සහන නෑ

කොළඹ නගර සභා අය-වැයෙන් කම්කරු සේවකයන්ට සහන නෑ

- මන්ත්‍රී මහින්ද කහඳගම

මෙවර කොළඹ නගර සභාව් අය-වැයෙන් කම්කරු සේවක ජනතාවට කිසිදු සහනයක් නොමැති නිසා ඊට විරුද්ධව ඡන්දය දුන් බව එම නගර සභාවේ අය-වැයට එරෙහිව ඡන්දය දුන් එකම මන්ත්‍රී ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙහිදි අය-වැයට පක්ෂව ඡන්ද 31ක් ද විරද්ධව තමා තනිව ඡන්දය ලබා දුන් අතර අනෙකුත් මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටි බව කහඳගම මහතා පැවසුවේය.

මේ අය-වැයෙන් වැඩකරන පන්ති‍යේ සුබසාධනය පිළිබඳ කිසිදු සැළකිල්ලක් නොදක්වා ඇති බැවින් කම්කරු නායකයකු ලෙස හෘද සාක්ෂියට එකඟව ඊට ඡන්දය දීමට නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා