දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් ජනපති සහයට එයි

දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් ජනපති සහයට එයි
 

මාධ්‍ය හමුවට සහභාගි වු පුරපති ධනසිරි අමරතුංග, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු සන්ධානයට එක්වු එජාප මන්ත්‍රි ක්‍රිස් බල්තසාර් මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - ගාමිණි රූපානන්ද

ප්‍රබල එජාප ක්‍රියාකාරිකයකු වු දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ශ්‍රවණාගාරයේ දි දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග හා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාලාල් ග්‍රේරු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව හෙළි කළේය.

එහිදි කථා කළ ධනසිරි අමරතුංග මහතා එජාප නාගරික මන්ත්‍රි ක්‍රිස් බල්තසාර් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සාදරයෙන් බාර ගන්නා බවත් තවත් එජාප මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඉදිරි කාලයේ දි සන්ධානයට එක්විමට නියමිත බවද ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා