ඌව නෙක්ස්ට් පිල අවසන් මහ තරඟයට

ඌව නෙක්ස්ට් පිල අවසන් මහ තරඟයට

මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවත්වු එස්.එල්.පී.එල්. තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ජය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිලට ජය අත්විය.

කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඌව නෙක්ස්ට් පිල පන්දුවාර 20 අවසානයේදි කඩුලු 06 ක් දැවි ලකුණු 171 ලබාගත්තේය.

එයට පිලිතුරු ලෙස පිටියට පැමිණි වයඹ යුනයිටඩ් පිලට පන්දුවාර 20 අවසානයේදි ලබා ගැනිමට හැකිවුයේ කඩුලු 08 ක් දැවි ලකුණු 151  පමණි.

එ අනුව එස්.එල්.පී.එල්. තරඟාවලියේ  අවසාන මහා තරඟයට තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සුදුසුකමි ලැබිය.

ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 171 (ඩිල්ෂාන් මුණවීර 23, තිළිණ කණ්ඩම්බි 29, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 50, ජේකබ් ඕරම් 41, අබ්දුල් රසාක් 17/2, හොග් 25/1)

වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 151 (අසාර් මෙහෙමුද් නොදැවි 75, ඉසුරු උදාන 42, ජේකබ් ඕරම් 16/3, උමාර් ගුල් 18/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා