ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වන විතාරණ

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වන විතාරණ

සුගතදාස ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේ දී මීටර් 3000 බාධක දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය අත්කර ගැනීමට ඒ.විතාරණ සමත්විය.

දක්ෂ මලල ක්‍රීඩකයෙකු වන විතාරණ ඒ තරගාවලියේ දී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ තෙවැනි ස්ථානය ද අත්කර ගත්තේය.

පසුගිය ජූලි මස මහනුවර බෝගම්බර පිටියේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේ දී මීටර් 800, මීටර් 400x4 සහ මීටර් 100x4 තරග ඉසව්වලදීත් දෙවැනි ස්ථාන අත්කර ගැනීමට හෙතෙම සමත්විය.

ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවයේ නිරතව සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා