වෙන්නප්පුවට පිහිනුම් ශූරතාවක්

වෙන්නප්පුවට පිහිනුම් ශූරතාවක්

බියගම පිහිනුම්, කිමිදුම් සහ ජීවිතාරක්ෂක සේවා සංගමය හා සපුගස්කන්ද යොෂීඩා පිහිනුම් පාසල එක්ව සංවිධානය කළ දීප ව්‍යාප්ත පිහිනුම් තරගාවලියේ සමස්ත ශූරතාව වෙන්නප්පුව ඩොල්පින් පිහිනුම් හා ජීවිතාරක්ෂක ‍සේවා සමාජය දිනා ගත්තේය.

පාසල් සහ පිහිනුම් සමාජ 44කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ‍ මේ තරගාවලි‍යට අවුරුදු 10න් පහළ සිට අවුරුදු 19න් ඉහළ දක්වා තරග ඉසව් ඇතුලත් විය.

තරග ප්‍රතිඵල මෙසේය.

අවුරුදු 10න් පහළ-බාලක- පවන් හංසක (වෙන්නප්පුව ඩොල්පින්)බාලිකා- බිනුරි තාරිකා (වෙන්නප්පුව ඩොල්පින්), අවුරුදු 12න් පහළ-බාලක- ජේ.ඒ.එන්.උදේශ් පෙරේරා (වෙන්නප්පුව ඩොල්පින්) බාලිකා- ඒ.පී.සඳලි ඇන්ජලිකා ද සොයිසා (වෙන්නප්පුව ඩොල්පින්), අවුරුදු 14න් පහළ- බාලක- දිලීප ඩී‍.ෆොන්සේකා (වෙන්නප්පුව ඩොල්පින්)බාලිකා- ජේ.එම්. සඳු සාවින්දි (සපුගස්කන්ද විශාඛා විදුහල), අවුරුදු 16න් පහළ-බාලක- බී.ඒ.ටී.ගීතාංජන (රද්දොලුව හෑන්ඩ් මාරිබෝ)බාලිකා- චමෝදි ඩී.‍‍ෆොන්සේකා (වෙන්නප්පුව ඩොල්පින්), අවුරුදු 19න් පහළ – බාලක- අනූෂ දිල්ෂාන් ජයවික්‍රම (රද්දොලුව හෑන්ඩ් මාරිබෝ)බාලිකා - ඉසෝලා ප්‍රනාන්දු (මීගමුව පිහිනුම් සමාජය), අවුරුදු 19න් ඉහළ- පිරිමි- රංග චරිත් (වෙන්නප්පුව ඩොල්පින්)කාන්තා- ආර්.එම්.විද්‍යා පතිරණ (කැලණිය විශ්ව විද්‍යාලය)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා