විස්සයි20 කාන්තා තරගාවලියේ පුහුණුවීම්වලට උයන්වත්ත පිටි‍ය වෙන් කෙරේ

විස්සයි20 කාන්තා තරගාවලියේ පුහුණුවීම්වලට උයන්වත්ත පිටි‍ය වෙන් කෙරේ

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය ලබන මස 30වැනිදා දක්වා වසා දමා ඇති බැවින් ව්‍යායාම්වල නිරතවන්නන්ට විකල්ප ස්ථානයක් ලෙස පාපන්දු ක්‍රීඩාංගණය වටා බිම් කොටස පරිහරණය කරන ලෙස මාතර මහ නගර සභාව දන්වා සිටියි.

ලබන මස ගාල්ලේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල පුහුණු කටයුතු සදහා ක්‍රීඩාංගණය වෙන් ‍කර තිබීමේ හේතුවෙන් මෙසේ වසා දමා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තණතිළි උපදේශක ඇන්ඩි ඇට්කින්සන් මහතා ගේ ඉල්ලීම මත පසුගිය 15වැනිදා සිට මේ ක්‍රීඩාංගණය වසා දැමීමට මාතර මහ නගර සභාව පියවර ගත්තේය. ඇට්කින්සන් මහතා ට අවශ්‍ය වී තිබුණේ ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සදහා සුපිරි පිටියක් ලබා දීමටය. එසේ කිරීමට මුළු පිටියම අඩුම තරමින් තරගාවලියට පෙර මසක කාලයක් වත් වසා තබන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා