මාර්ග අංක 125 ඇතැම් බස් කොන්දොස්තරලා මගීන්ට ටික‍ට් දෙන්නේ නෑ

මාර්ග අංක 125 ඇතැම් බස් කොන්දොස්තරලා මගීන්ට ටික‍ට් දෙන්නේ නෑ

ඉංගිරිය-පිටකොටුව හා පාදුක්ක පිටකොටුව මාර්ග අංක 125 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ බොහොමයක් ප්‍රවේශ පත්‍ර නොදීමෙන් ඉතා අපහසුතාවනට පත් වන බව මගීහු පවසති.

ගමනාන්තයට අදාළ බස් ගාස්තුව ලබා ගන්නා ඔවුහු, ප්‍රවේශ පත්‍ර ඉල්ලු විට, නෑසුණාක් මෙන් රථයේ ඉදිරිපසට ගමන් කරති. නැවත, නැවත ඉල්ලීමේ දී කොන්දොස්තරවරයා, මගියා සමග බහින් බස් වීමට කටයුතු කරයි. මේ තත්වය මත ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් පැමිණියහොත්, මගියා අත ප්‍රවේශ පත්‍රයක් නොමැතිවීමෙන් දඩ මුදලක් ගෙවීමට සිදු වේ. මේ සම්බන්ධ අදාළ බලධාරින්ගේ හා වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතු බව මඟීහු පවසති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා