මතුගම මැතිවරණ ‍ෙකාට්ඨාසයේ නිල් බළකාය සවිබල ගන්වයිමතුගම මැතිවරණ ‍ෙකාට්ඨාසයේ නිල් බළකාය සවිබල ගන්වයි

මතුගම මැතිවරණ ‍ෙකාට්ඨාසයේ නිල් බළකාය සවිබල ගන්වයි

තරුණයන්ගේ ගැටලුවලට විසැඳුම් ලබාදීම අපේ අරමුණයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. අපේ පක්ෂය හැර බොහෝමයක් පක්ෂ රටේ තරුණ තරුණියන් විප්ලවවලට කැරලිවලට, යුද්දෙට යොදාගෙන ඔවුන්ගේ අනාගතය අඳුරට ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් බළකාය සවිබල ගැන්වීමේ අරමුණින් මතුගම මැතිවරණ කොට්ඨාසයේ කජුදූව, බොලොස්සගම, බදුගම, නාරවිල, ගල්මත්ත, නෑබඩ, යටදොළ ප්‍රදේශවල පැවැති ජනහමුවලදීය.

මේ තරුණ තරුණියන්ගේ වැඩිහිටියන්ගේ තරුණ කාලය ගෙවුණේ අසුන්දරවයි. මෙහෙන් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, එක්සත් ජාතික පක්ෂයේ භීෂණ පාලන කාලය, උතුරේ ත්‍රස්තවාදය මේ නිසා අද මෙතෙන ඉන්න වැඩිහිටියන්ගේ අරමුණු බලාපොරොත්තු බොඳව ගියා. විශාල තරුණ තරුණියන් පිරිසකගේ ජීවිත නැතිවුණා.

අපි උත්සාහ කරන්නේ වැඩිහිටියන්ට වැරදුන තැන්, නිවැරදි කරගෙන මෙවැනි අවාසනාවන්ත තත්ත්වයට පත් නොවන්න කටයුතු කිරීමයි. අප කිසිවිටක තරුණ තරුණියන්ට අවි ආයුධ අතට දෙන්නේ නැහැ. දීලත් නැහැ. අපි ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් තරුණ පිරිස් හමුවන්නේ ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන කිසියම් විසඳුමක් ලබා දෙන්න.

අපි දේශපාලනයට එනවිට තිබුණේ දේශපාලනඥයා ළඟට මිනිස්සු එන ක්‍රමයක්. ඒ ක්‍රමය නැති කරලා දේශපාලනඥයා මිනිස්සු ළඟට එන ක්‍රමයක් තමයි අපි නිර්මාණය කරන්නේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතා-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දහඩිය, කඳුළු වගුරපු දුක්වින්ද වැඩිහිටි ජනතාවගේ දු පුතුන් තමයි අද මෙතන රැස්වෙලා ඉන්නේ.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. නිල් බළකා තුළින් අපේ තරුණ තරුණියන්ට හඬක් නඟන්න, රටේ අනාගතය ඉදිරිය ගැන හිතන්න අවස්ථාවක් ලැබෙනවා.

මේ පිරිස ඇවිත් ඉන්නේ පෞද්ගලික දේවල් කර ගන්න නෙවෙයි. රටේ සංවර්ධනය ගැන ඔවුන්ට දැනෙනවා. ගම දියුණු වෙන හැටි අඩුපාඩු සපිරෙන හැටි ඔවුන් දකිනවා. මේ තරුණ පිරිසට නිල් බළකාය නිසැකවම අත්වැලක් වේවි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සේනක සේමසිංහ, කනක හේරත්, දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහත්වරුද කතා කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා