පියාගේ බැංකු ගිණුමෙන් හොරෙන් මුදල් ගත් දියණිය අත්අඩංගුවට

පියාගේ බැංකු ගිණුමෙන් හොරෙන් මුදල් ගත් දියණිය අත්අඩංගුවට

පියාගේ බැංකු කාඩ්පත හොරෙන් අරන්

ලබාගත් බව කියන මුදල 643,927ක්

තම පියාගේ බැංකු ට්‍රෙලර් යන්ත්‍ර කාඩ්පතක් සොරාගත් දියණියක් වැලිමඩ නගරයේ බැංකු ට්‍රෙලර් යන්ත්‍රයකින් පියාගේ ගිණුමෙන් 643,927ක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාවට දියණිය සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය කියයි.‍

අත්අඩංගුවට ගත් දියණිය දියතලාව ඇල්ලගම ප්‍රදේශයේ 21 හැවිරිදි තැනැත්තියකි. ඇය වැලිමඩ නුවරඑළිය පාරේ පදිංචි පියා බැලීමට නිවෙසට ආ අතරතුරෙ පියාගේ බැංකු ට්‍රෙලර් යන්ත්‍ර කාඩ්පත සොරාගෙන එහි සටහන්ව තිබූ රහස් අංකය අනුව මෙසේ බැංකුවේ ට්‍රෙලර් යන්ත්‍ර කාඩ්පතේ පියාගේ ගිණුමේ මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය පැවැසිය.

මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේ දී බැංකු රහස් කැමරාවේ ඇය මෙසේ වරින් වර මුදල් ලබාගත් ආකාරය සටහන් වී තිබිණැයි පොලිසිය කීය.

ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ඒකනායක පරීක්ෂණ පවත්වයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා